Home උණුසුම් පුවත් සහෝදරියගේ දියණිය මවක් කළ මාමා බාල්කයේ එල්ලී මැරේ

සහෝදරියගේ දියණිය මවක් කළ මාමා බාල්කයේ එල්ලී මැරේ

0
සහෝදරියගේ දියණිය මවක් කළ මාමා බාල්කයේ එල්ලී මැරේ
Barefoot Hangman at night in the door frame. Sad conceptual image representing suicide.

සිය වැඩිමහල් සහෝදරියගේ 12 හැවිරිදි දියණිය දූෂණයකර ඇයව මවක් කළ හැවිරිදි පුද්ගලයෙකු ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි හොරොව්පොතාන පොලීසිය කියයි.

මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ හොරොව්පොතාන, ඕලුගස්කඩවල පදිංචිකරුවෙකි. 47 හැවිරිදි වියේ පසුවන ඔහු හෝටල් සේවකයෙකි.

මෙම පුද්ගලයා අතින් වැඩිමහල් සහෝදරියගේ 12 හැවිරිදි දියණිය දූෂණය වී ඇතැයි අනාවරණය වී ඇත්තේ ඇය ගැබිණියක් බවට පත්ව දරුවෙක් බිහිකිරීමත් සමගිනි.

ඒ සම්බන්ධයෙන් දියණියගේ ප්‍රකාශ මත මාමාව අත්අඩංගුවටගත්තද දිගින් දිගටම ඔහු එය ප්‍රතික්ෂේපකර ඇත. ඒ නිසාම කැබතිගොල්ලෑව අධිකරණය විසින් නියෝගකර ඇත්තේ දියණියට දාව දරුවාගෙත් මාමාගේත් ඩී.එන්.ඒ. පරීක්ෂාවක් කරන ලෙසය.

ඒ අනුව පසුගිය 22 වෙනිදා අනුරාධපුර රෝහලට ගොස් ඩි.එන්.ඒ. පරීක්ෂායක් සඳහා රුධිර සාම්පලයක් ලබාදී නිවසට ගොස් මෙදින රාත්‍රී කාලයේ ගෙල වැලලාගෙන ඇතැයි පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here