තවත්
    මුල් පිටුවspecialලෝක සරසවි සිසුන්ගේ ගිම්හාන ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ගම්මානය විවෘත වෙයි

    ලෝක සරසවි සිසුන්ගේ ගිම්හාන ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ගම්මානය විවෘත වෙයි

    චීනයේ චෙංදු නගරයේ ලබන 28 වැනි දා සිට අගෝස්තු 8 වැනි දා දක්වා පැවැත්වෙන 31 වැනි ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ ගිම්හාන ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ගම්මානය විවෘත කෙරේ.

    පසුගිය 22 වැනිදා පෙරවරුවේ එම නිල උත්සවය පැවැත්විණ.

    විවිධ රටවලින් පැමිණෙන විශ්වවිද්‍යාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහළින් පිළිගැනීම සඳහා පවතින අංගසම්පූර්ණ සූදානම එහිදී පිළිබිඹු කෙරිණ.

    මෙරට විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ක්‍රීඩකයන් පිරිසක් ඊට සහභාගි වීමට නියමිතයි.

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ලබන 27, 28 යන දෙදින ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ 31 වැනි ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට එක්වනු ඇත.

    එම උළෙලට වෙනත් රටවල රාජ්‍ය නායකයන් පිරිසක් ද සහභාගි වීමට නියමිතව තිබේ.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img