Home උණුසුම් පුවත් මෙරට නෝර්වේ තානාපති කාර්යාලය වසා දැමේ

මෙරට නෝර්වේ තානාපති කාර්යාලය වසා දැමේ

මෙරට නෝර්වේ තානාපති කාර්යාලය වසා දැමේ

කොළඹ පිහිටි නෝර්වීජියානු තානාපති කාර්යාලය ලබන 31 වන දින වසා දැමේ.

එම තානාපති කාර්යාලය නිවේදනය කර ඇත්තේ, ලබන අගෝස්තු 1 වන දින සිට නව දිල්ලියේ නෝර්වේජියානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ අදාළ කටයුතු පවත්වාගෙන යන බවයි.

එමෙන්ම දැනට පවත්වාගෙන යනු ලබන කොළඹ පිහිටි නෝර්වේ තානාපති කාර්යාලයේ ෆේස්බුක් පිටුව ද වසා දමනු ඇති බව එම කාර්යාලය කියයි.

වැඩි විස්තර සඳහා නවදිල්ලියේ නෝර්වීජියානු තානාපති කාර්යාලයේ ෆේස්බුක් පිටුව අනුගමනය කරන ලෙසත් එම කාර්යාලය දැනුම් දී සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here