එළැඹෙන අගෝස්තු මාසය පුරා ලෝකයේ ප්‍රදේශ රැසක අධික උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බවට ජාත්‍යන්තර කාලගුණ විශේසඥයින් අනතුරු ඇගවා තිබේ.
ඒ අනුව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) මෙම සතිය මුලදී කියා සිටියේ උතුරු ඇමරිකාව, ආසියාව, උතුරු අප්‍රිකාව සහ මධ්‍යධරණී කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් 40 ට වඩා වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
පවතින අධික උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජෝන් නයර්න් රොයිටර් වෙත පැවසුවේ “මෙම අධික උණුසුම් කාලගුණය අගෝස්තු මාසය දක්වා පවතිනු ඇතැයි අපි අපේක්ෂා කළ යුතුයි එසේත් නැත්නම් අවම වශයෙන් පැවතිය හැකිය යැයි සැලකිල්ලට ගෙන කටයුතු සැලසුම් කළ යුතුයි.“ යනුවෙනි.
මේ අතර දකුණු යුරෝපය ගිම්හාන සමයේ වැඩිම සංචාරක ආකර්ෂණයක් පවතින කාලවකවානුවේදී වාර්තාගත ලෙස අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් සමඟ පොරබදමින් සිටින අතර, ඊට සමගාමීව සෞඛ්‍ය ගැටලු ඉහළයාමේ සහ මරණයට පත්වීම් ඉහලයාමේ අවදානමක් ඇතැයි බලධාරීන් විසින් අනතුරු අඟවා තිබේ.
දේශගුණික විපර්යාස යනු අධික උණුසුම් කාලගුණ තත්ත්වයන් නිතර ඇති වීම සහ එම තත්ත්වයන් සෘතු පුරා පැතිර යාම බවද නයර්න් පෙන්වා දුන්නේය.
“අපි ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රවණතාවයේ සිටින අතර එය අධික උණුසුම් කාලගුණ තත්ත්ව ඇතිවීම වැඩි වීමට සෘජුවම දායක වේ. ඒ අනුව මෙම උණුසුම් කාලගුණ තත්ත්වය දැනටමත් වසන්තය දක්වා වර්ධනය වන බවට අපට පැහැදිලි ඇඟවීම් තිබෙනවා.” යනුවෙන්ද නයර්න් පැවසීය.
ඒ අනුව දේශගුණික විපර්යාස ඇති කරන ෆොසිල ඉන්ධන පරිභෝජනය ඉවත් කිරීම සඳහා මෙම වසර අගදී එක්සත් ජාතීන්ගේ දේශගුණික සාකච්ඡාවලදී සියලුම ජාතීන් එකඟ වනු ඇතැයි සාමාජිකයින් 27 දෙනෙකුගෙන් යුත් යුරෝපීය සංගමය ඇතුළු සමහර රටවල් බලාපොරොත්තු වේ. කෙසේ වෙතත් තෙල් හා ගෑස් සම්පත් ඇති රටවල් මෙම අදහසට දැඩි ලෙස සිය විරෝධය පළකර ඇත.
“අපි පොසිල ඉන්ධන ඉවත් කරන්නේ නම්, අපි මේවන විටත් දකින කාලගුණ විපර්යාසයට ප්‍රධාන වශයෙන් දායක වන සාධකයක් අඩු කිරීමට හැකියාවක් පවතන බව සනාථ කිරීමට ඉතා ප්‍රබල සාක්ෂි ඕනෑතරම් තිබෙනවා. අපට කාලගුණ විපර්යාසය කඩිමුඩියේ හැරවිය නොහැකියි. එ්ත් අපිට වැලැක්වීමට නිසැකවම පියවර ගත හැකියි.” යනුවෙන්ද නයර්න් වැඩිදුරටත් පැවසීය.