තවත්
    මුල් පිටුවදේශීය පුවත්පාසල් සිසුන්ට අන්තවාදි දේශන දුන් සහරාන්ගේ ගෝලයෙක් අල්ලයි

    පාසල් සිසුන්ට අන්තවාදි දේශන දුන් සහරාන්ගේ ගෝලයෙක් අල්ලයි

    පාසල් සිසුන්ට අවස්ථා කිහිපයකදීම අන්තවාදී දේශන පැවැත්වූ සහරාන්ගේ ගෝලයෙක් අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාාරීන් සමත්ව ඇත.

    මූතූර් හී පදිංචි කරුවෙක් වන එම සැකකරු 38 හැවරදිය.

    පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර වසරේ ඔහු අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ සිසුන්ට අන්තවාදී දේශන පවත්වා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

    මෙම සැකකරු සහරාන්ගේ දේශනවලටද සම්බන්ද වී අනතුරුව එම අන්තවාදී දේශන පාසල් සිිසුන් අතර ප්‍රචලිත කිරීමේ කටයුුතුවල නිරතව සිට ඇති බවද අනාවරණය වී තිබේ.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරු රඳවාගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව අජිත් රෝහන මහතා පැවැසීය.

    මේ අතර පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටි 27 හැවිරිදි කරුවකු ද වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාය බාරයට ගත් බවද අජිත් රෝහන මහතා සදහන් කළේය.

    ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම සැකකරු අධිකරණ නියෝග මත ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය බාරයට ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img