ඉන්දු–ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම ප්‍රකාශයට පත් කර තිබේ.
ඉන්දියාවේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එරට අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අද නවදිල්ලියේදී හමුවූ අවස්ථාවේදී ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී මෙය ප්‍රකාශයට පත්කර ඇත.
සමුද්‍රීය, ගුවන්, බලශක්ති සහ විදුලිබල, වෙළෙඳ ආර්ථික සහ මූල්‍ය කටයුතු , පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට එමගින් අවධානය යොමුකර තිබේ.
ශ්‍රි ලංකාව මේ වන විට ලබා ඇති ප්‍රගතිය රට තුළ මෙන්ම බාහිර පාර්ශවයන්ගේ ද විශ්වාසය යළි ඇති කිරීමට හේතු වී තිබෙන බව ජනපති ඉන්දියාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කීය.
ආර්ථික අභියෝගය හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහායට ජනපතිගෙන් අගමැති මෝදි, ඉන්දීය රජය සහ ජනතාවට ස්තූතිය පළ කර සිටියේ ය.
නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ “ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා පිළිගැනීමට ලැබීම සතුටක්. ජනාධිපති ධුරයට පත්ව වසරක් පිරීම සහ මහත් ධෛර්යකින් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය උදෙසා කටයුතු කිරීම සම්බන්ධයෙන් මා එතුමාට සුබ පතනවා. ශ්‍රී ලංකාව අපගේ ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ සහ ‘SAGAR’ ප්‍රයත්නයන්හි ඉතා වැදගත් වන අතර ඒ අනුව අපගේ ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කළ හැකි ආකාර සාකච්ඡා කළා.
වික්‍රමසිංහ මැතිතුමා සහ මා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හවුල්කාරිත්වය ඉහළ නැංවිය හැකි ආකාරය සාකච්ඡා කළා. එසේම අප සම්බන්ධතාව ඉහළ නැංවීම සහ සංචාරක කර්මාන්තය, බලශක්තිය, වෙළඳාම, අධ්‍යාපනය, මූල්‍ය තාක්ෂණය සහ කුසලතා සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා වෙහෙස වී වැඩ කරන අපගේ ධීවරයන්ගේ ගැටළුව ද ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා සමඟ සාකච්ඡා කළා. මෙම ගැටළුවට මානුෂීය සහ දයානුකම්පිත ලෙස ප්‍රවේශ විය යුතු බවට අප දෙදෙනාම එකඟ වුණා.
ශ්‍රී ලංකාව දමිළ ප්‍රජාවගේ අභිලාෂයන් ඉටු කිරීම උදෙසා තවදුරටත් කටයුතු කරනු ඇති බව මට විශ්වාසයි. අප මෙම වසරේ ඉන්දියා – ශ්‍රී ලංකා මිත්‍රත්වයේ 75 වන වසර සහ ඉන්දීය සම්භවයක් සහිත දමිළ ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සනිටුහන් කරනවා. ශ්‍රී ලංකාවේ ඉන්දීය සම්භවයක් ඇති දමිළ ජනතාව සඳහා රුපියල් කෝටි 75ක් වටිනා විවිධ ව්‍යාපෘති ප්‍රකාශයට පත් කළා. ශ්‍රී ලංකාවේ ඉන්දීය සම්භවයක් ඇති දමිළ ජනතාව සඳහා රුපියල් කෝටි 75ක් වටිනා විවිධ ව්‍යාපෘති ප්‍රකාශයට පත් කළා. ඉන්දියාව ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධන වැඩසටහන් සඳහා තවදුරටත් දායකත්වය ලබා දෙනු ඇති. වාණිජ සහ දෙරට ජනතාව අතර සබඳතා ඉහළ නැංවීම සඳහා නාගපට්ටිනම් සහ කන්කසන්තුරෙයි අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවා ඇරඹෙනු ඇති.” යනුවෙන් ද මෝදි අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කළ ප්‍රකාශය පහතින්.