Home උණුසුම් පුවත් කෙහෙළියට එරෙහි විශ්වාසභංගය අත්සන් තැබීම ඇරඹෙයි

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය අත්සන් තැබීම ඇරඹෙයි

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය අත්සන් තැබීම ඇරඹෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගය අද(20) කටයුතු කර තිබේ.

ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා වගකීම් විරහිත ලෙස සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමඟින් මරණ සිදුවීම යන කරුණු හේතු කරගෙන මෙම විශ්වාසභංගය ගෙනැවිත් ඇත.

බාල ඖෂධ පිළිබඳ දිගින් දිගටම සමගි ජන බලවේගය දැනුවත් කළ නමුත් ඒ පිළිබඳ රජය තැකීමක් නොකර හදිසි අවස්ථාවක් යැයි සලකා ප්‍රසම්පාදන හා ලියාපදිංචි ක්‍රියාවලියෙන් බැහැරව එම ඖෂධ ගෙන්වීය.

ඒ හේතුවෙන් මෙරට ප්‍රධාන පෙළේ රෝහල් ගණනාවකම ජීවිත අහිමි වීම් සිදුවු බව ද සමගි ජන බලවේගය සඳහන් කරයි.

එම කරුණු මුලික කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව අත්සන් තැබිණ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී කියාසිටියේ ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කොන්දක් තිබේ නම් විශ්වාසභංග යෝජනාවට අත්සන් කරන ලෙසය.

අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here