Home උණුසුම් පුවත් චීන රජයෙන් සුඩානයට යුවාන් කෝටියක මානුෂීය ආධාර

චීන රජයෙන් සුඩානයට යුවාන් කෝටියක මානුෂීය ආධාර

චීන රජයෙන් සුඩානයට යුවාන් කෝටියක මානුෂීය ආධාර

චීන රජය සුඩානයට යුවාන් කෝටියක හදිසි මානුෂීය ආධාර ලබාදීමට පියවර ගනී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය ඊයේ (17) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළාය.
මෙම ආධාර යටතේ වෛද්‍ය සැපයුම් තොගයක් පසුගිය ජූලි 15 වැනිදා චීනයෙන් සුඩානය වෙත යවා ඇත. එසේම, අගෝස්තු මස මැද භාගයේ දී ආහාර ආධාර ටොන් 900ක් පමණ චීනයෙන් යැවීමට අපේක්ෂා කරන බව ද ඇය පැවසුවාය.

මීට අමතරව, චීනයේ රතු කුරුස සංගමය විසින් සුඩාන රතු චන්ද්‍රවංක සංගමය වෙත පරිත්‍යාග කරන ලද දෛනික අවශ්‍යතා ඇතුළත් භාණ්ඩ තොගය පසුගිය ජූලි 14 වැනිදා සුඩානයට ළඟා වූ බව ද මෞ නිං මහත්මිය එහිදී සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here