තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආර්ථික ප්‍රශ්නයේදී සැබෑ මිතුරෙක් වුණාට පාකිස්ථාන අගමැතිගෙන් ජනපතිට තුති

    ආර්ථික ප්‍රශ්නයේදී සැබෑ මිතුරෙක් වුණාට පාකිස්ථාන අගමැතිගෙන් ජනපතිට තුති

    මූල්‍ය දුෂ්කරතාවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පකිස්ථානයේ ගිවිසුමට ශ්‍රී ලංකාව දක්වන සහයෝගය වෙනුවෙන් ජනාධිපති වික්‍රමසිංහ වෙත සිය හෘදයාංගම කෘතඥතාව පළ කරන බව පකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් මහතා පවසයි.

    ඔහු පෙන්වා දී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ලබාදුන් උපදේශනය, දෙරට අතර බැඳීම් තව තවත් ශක්තිමත් කළ බවයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති හමුවේදී එය වඩාත් උපකාරී වූ බව ද අගමැතිවරයා අවධාරණය කර ඇත.

    ආර්ථික අභියෝග හමුවේ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් මහතා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ තීරණාත්මක සාකච්ඡාවකට එළඹ තිබේ.

    ඊයේ දිනයේදී ජනපති සහ පාකිස්ථාන අගමැතිවරයා දෙදෙනා දුරකථන සංවාදයක් පවත්වා ඇත.

    එහිදී තම රටවල වත්මන් ආර්ථික තත්ත්වය සහ මූල්‍ය ආතතියට එරෙහිව සටන් කිරීමට විභව ක්‍රියාමාර්ග ගෙනහැර දැක්වීය.

    ශරීෆ් ශ්‍රී ලංකා නායකයාගේ නොසැලෙන මිත්‍රත්වය සහ සහයෝගය අගය කළ අතර පාකිස්තාන ජාතිය වෙනුවෙන් ඔහු තම ස්තූතිය පුද කළේය. ‘ඔබ පකිස්තානයේ සැබෑ මිතුරෙකුගේ සහ සුභ පතන්නෙකුගේ භූමිකාව ඉටු කර ඇති අතර, මගේ රටේ ජනතාව වෙනුවෙන් මම ඔබට ස්තූතිවන්ත වෙමි,’ ඔහු ඇමතුම මගින් පවසා තිබේ.

    ආර්ථික ප්‍රකෘතිය කරා යන දෙරටේ හවුල් ගමනේ දී සහයෝගීතාව පවත්වගැනීම පිළිබඳ ඇති වැදගත්කම අගමැති ෂරීෆ් අවධාරණය කළේය.

    අන්‍යෝන්‍ය ගෞරවයෙන් සහ සහයෝගීතාවයෙන් බැඳී සිටින මෙම ජාතීන් දෙකම ඔවුනොවුන්ගේ ආර්ථික දුෂ්කරතා ඉක්මනින් ජය ගනු ඇතැයි අගමැති ෂරීෆ් මෙහිදී සුබවාදීව ප්‍රකාශ කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img