තවත්
    මුල් පිටුවspecialඕස්ට්‍රේලියානු මුහුදට ගොඩගැසූ අද්භූත වස්තුව

    ඕස්ට්‍රේලියානු මුහුදට ගොඩගැසූ අද්භූත වස්තුව

    ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයකට ගොඩගැසුණු අද්භූත හඳුනා නොගත් ගෝලාකාර වස්තුවක් හේතුනේ පොලිසිය ඇතුළු බලධාරීන් විශ්මයට පත්ව ඇති බවට එරට මාධ්‍ය ආයතන සඳහන් කරයි.

    පර්ත නගරයට උතුරින් කිලෝමීටර් 250ක පමණ් දුරින් පිහිටි වෙළර තීරයකට මෙම විශාල ලෝහ වස්තුව ප්‍රදේශවාසීන් විසින් සොයා ගැනීමට සමත්ව තිබිණි.

    මේවන වනිට ප්‍රාන්ත සහ ෆෙඩරල් බලධාරීන් මෙම වස්තුව විමර්ශනය කරමින් සිටින අතර මෙම වස්තුව කුමක්ද යන්න තහවුරු කරගැනීමට උත්සහකරමින් සිටින බවටද වාර්තාවේ.

    අදාල වස්තුව බලධාරීන් විසින් අනතුරුදායක ලෙස සලකනු ලබන අතර, ආරක්ෂිත දුරක් තබා ගන්නා ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා ඇත.
    “වස්තුවේ මූලාරම්භය සහ ස්වභාවය තීරණය කිරීම සඳහා අපි විවිධ රාජ්‍ය සහ ෆෙඩරල් ආයතන සමඟ සහයෝගී ප්‍රයත්නයක සක්‍රීයව නියැලී සිටින බව ප්‍රජාවට සහතික කිරීමට අපට අවශ්‍යයි,” පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

    ග්‍රීන් හෙඩ් වෙරළේ පදිංචිකරුවන් පැවසුවේ සිලින්ඩරය පළල මීටර් 2.5 ක් සහ දිග මීටර් 2.5 ත් 3 ත් අතර වූ බවයි. මේ අතර වෙරළට ගොඩගැසූ වස්තුව නැරඹීමට විශාල ජනතාවක් පැමිණි බවටද ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබිණි.

    ගුවන් සේවා විශේෂඥ ජෙෆ්රි තෝමස් පැවසුවේ මෙම අයිතමය පසුගිය මාස 12 තුළ කිසියම් අවස්ථාවක ඉන්දියානු සාගරයට වැටී ඇති රොකට්ටුවකින් ඉන්ධන ටැංකියක් විය හැකි බවයි.

    ඕස්ට්‍රේලියානු අභ්‍යවකාශ ඒජන්සිය පැවසුවේ යෝධ සිලින්ඩරය “විදේශීය අභ්‍යවකාශ දියත් කිරීමේ යානක කොටසක් දැයි තහවුරු කරගැනීමට උත්සහ කරන බවත් වෙනත් ජාත්‍යන්තර ආයතන සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img