Home උණුසුම් පුවත් කෝච්චියක් ඩක්කුවක ගැටෙයි

කෝච්චියක් ඩක්කුවක ගැටෙයි

0
කෝච්චියක් ඩක්කුවක ගැටෙයි

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු මගීන් රහිත දුම්රියක් අනුරාධපුර දී රේලි පීලි පැටවූ ඩක්කුවක ගැටී තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ සාලියපුර ප්‍රදේශයේදී ඊයේ අලුයම් කාලයේදීය.

මෙම අනතුරින් දුම්රිය ඇන්ජිමට දැඩි ලෙස හානි සිදුව ඇති බවත් අලුත ඉදිකල දුම්රිය මාර්ගයටද හානි සිදුව ඇති බවත් අනුරාධපුර පොලීසිය කියයි.

අනතුර වූ ඩක්කුවේ තිබී ඇත්තේ කොටස් වලට කැපූ රේලි පීලි තොගයකි.

දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේදී පැරණි රේල් පීලි ගලවා දුම්රිය මාර්ගය දෙපස දමා තිබී ඇති බවත් කිසියම් පිරිසක් විසින් එම දුම්රිය මාර්ගයේ ඇති රේලිපීලි කපා ඩක්කුවේ දමාගෙන සොරාගෙන යමින් තිබියදී එම ඩක්කුව දුම්රියේ ගැටී ඇති බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

මෙම දුම්රිය ගමන්කර ඇත්තේ සාමාන්‍ය දුම්රිය ධාවනය වන වේලාවක නොවන බැවින් මෙම සොරකමට සම්බන්ධ පුද්ගලයින් ඒ ගැන නොදැන ඩක්කුවේ රේල් පීලි දමාගෙන රැගෙන යමින් සිටියදී මෙම අනතුර වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

මෙම රේලි පීලි කැබලි කිරීමට භාවිතා කල ඔක්සිජන් සිලින්ඩර් සහ උපකරණද ඒ ආසන්න ස්ථානයක තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙම සොරකමට දුම්රිය සේවකයින්ගේ ද සම්බන්ධයක් තිබෙන්නට හැකි බවට සැකයක් තිබේ.

Photo – File photo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here