Home උණුසුම් පුවත් ඇමතිවරයකුට විශ්වාසභංගයක්

ඇමතිවරයකුට විශ්වාසභංගයක්

ඇමතිවරයකුට විශ්වාසභංගයක්

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒම කෙරෙහි සමඟි ජනබලවේගයේ අවධානය යොමුව තිබේ.

එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේ ⁣ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ හා ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය කේෂ්ත්‍රය දුර්වල කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ලවන බවයි.

මේ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා සමඟද සාකච්ඡා කළ බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඒ අනුව ඉතාම ඉක්මනින් මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කර සිටී.

මේ අතර රටේ සෞඛ්‍ය පද්ධතිය දුර්වල කිරීමට වගකිවයුතු පාර්ශ්ව සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත පැමිණිල්ලක් සිදුකිරීමට සමගි ජනබලවේගය පක්ෂය තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here