Home උණුසුම් පුවත් සුජීව සේනසිංහගේ නිවස හොරු බිඳියි

සුජීව සේනසිංහගේ නිවස හොරු බිඳියි

0
සුජීව සේනසිංහගේ නිවස හොරු බිඳියි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් වන නීතීඥ සුජීව සේනසිංහ මහතාට අයත් මහනුවර හන්තාන නිවාස යෝජනා ක්‍රමයේ ඇති නිවසක් හොරු බිඳ ඇතැයි මහනුවර පොලීසිය කියයි.

නිවසේ කාමරයක කබඩ් හකක තිබුණු රුපියල් ලක්ෂ 02ක්, රුපියල් ලක්ෂයක් වටිනා රන් භාණ්ඩ සහ රුපියල් ලක්ෂයක් වටිනා මෝටර් රථ බැටරියක් මෙසේ සොරාගෙන ඇති බව සුජීව සේනසිංහ මහතා මහනුවර පොලීසියට පැමිණ ඊයේ කළ පැමිණිල්ලෙහි සඳහන්ය.

මෙම සොරකම සිදුකර ඇත්තේ නිවසේ සේවයේ නිරත සේවකයින් දෙදෙනෙක් විසින් බවට සැකකරන බව සුජීව සේනසිංහ මහතා පොලීසියට පවසා තිබේ. ඒ අනුව ඒ එක් සේවකයෙකු පොලිස් භාරයට ගෙන අද දීර්ඝ ලෙස ඔහුගෙන් ප්‍රශ්න කරමින් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here