Home දේශීය පුවත් කොස්තාපල් නෝනා – මහත්තයයි නෑනයි එක්ක පොලීසිය ඇතුලේ කෙහෙවලු පටලවා ගනී

කොස්තාපල් නෝනා – මහත්තයයි නෑනයි එක්ක පොලීසිය ඇතුලේ කෙහෙවලු පටලවා ගනී

0
කොස්තාපල් නෝනා – මහත්තයයි නෑනයි එක්ක පොලීසිය ඇතුලේ කෙහෙවලු පටලවා ගනී

අහංගම පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ දී හම්බන්තොට වරාය පොලීසියේ සේවයේ නිරත කොස්තාපල්වරියක් ඇගේ සැමියා සහ සැමියාගේ සහෝදරිය සමඟ කෙහෙවලු පටලවාගෙන දබරයක් ඇතිකරගෙන තිබේ.

පොලිස් නිලධාරිනිය විසින් සිය සැමියාට සහ සැමියාගේ සහෝදරයාට එරෙහිව කළ පැමිණිල්ලක් විභාග කිරීමට අහංගම පොලීසියේ විවිධ පැමිණිලි අංශයට දෙපාර්ශවය කැදවා සිටි අවස්ථාවේදී ඊයේ (10) දහවල් මෙම සිදුවීම වී ඇත.

පොලීස් නිලධාරීන්ටද මොවුන් තිදෙනාගේ දබරය පාලනය කිරීමට දැඩි පරීශ්‍රමයක් දැරීමට සිදුව තිබේ. පොලීසිය තුළ අශෝබන ලෙස සහ කලහාකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ඔවුන් තිදෙනාව අත්අඩංගුවට ගැනීමටද අහංගම පොලීසිය පියවර ගෙන ඇත.

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඔවුන්ව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here