තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බස් අනතුරක් වළකා ජීවිත 50ක් බේරාගත් හමුදා කෝප්‍රල්ට අගමැතිගෙන් පැසසුම්

    බස් අනතුරක් වළකා ජීවිත 50ක් බේරාගත් හමුදා කෝප්‍රල්ට අගමැතිගෙන් පැසසුම්

    සිදුවන්නට ගිය විශාල අනතුරක් වහා මැදිහත්වී වළක්වාගෙන එහි සිටි 50කට අධික මගී ජීවිත බේරාගත් ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් බී.ආර්.කේ.එල් කරුණාරත්න මහතා අද (10) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ පැසසුමට ලක්විය.

    2023.05.26 දින බස් රථය උඩුදුම්බර ප්‍රදේශයේ ගමන් කරන අවස්ථාවේදී මහනුවර සිට මහියංගනය දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුවන්නට ගොස් තිබුණි.

    එම අවස්ථාවේදී එහි රියදුරු මහතා රියදුරු අසුනින් ඉවතට විසි වී ඇති අතර මීටර් 50ක් පමණ දුරක් රියදුරු නොමැති වූ බස් රථය ගමන් කර තිබේ.

    එම අවස්ථාවේදී බස් රථයේ ගමන් කරමින් සිටි යුද හමුදා සෙබල කෝප්‍රල්වරයා වහාම ක්‍රියාත්මක වී රියැදුරු නොමැතිව විශාල බැවුමකට ධාවනය වෙමින් තිබු බස් රථය මහත් පරිශ්‍රමයක් දරා පාලනය කර නවත්වා ගැනීමට සමත්වීමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වලක්වා ගැනීමට හැකිව ඇත.

    අවස්ථානුකූලව ක්‍රියාකොට කිසිවකුට හානියක් නොවී ජීවිත 50කට අධික සංඛ්‍යාවක් බේරාගනිමින් කළ විස්මිත මෙහෙවර වෙනුවෙන් ඒ මහතා, අගමැතිවරයාගේ පැසසුමට ලක්ව තිබේ.

    නිර්භීත සෙබළෙකු ලෙස සිදුකල මෙම ආදර්ශවත් ක්‍රියාව පිළිබඳව ප්‍රශංසා කරමින් යුද්ධ හමුදාධිපතිවරයා විසින් මීට පෙර කෝප්‍රල් කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්න වෙත යුද්ධ හමුදාධිපති ප්‍රශංසනාත්මක ලාංඡනය පිළිගන්වා තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img