Home උණුසුම් පුවත් මුහුණු පොතේ සාදයකට පොලීසියෙන් කඩා වදී

මුහුණු පොතේ සාදයකට පොලීසියෙන් කඩා වදී

මුහුණු පොතේ සාදයකට පොලීසියෙන් කඩා වදී

මුහුණු පොත හරහා සංවිධානය කළ පන්විල මඩොල්කැලේ පිහිටි හෝටලයක පැවති සාදයකට අද අළුයම් කාලයේදී පන්විල පොලීසියේ නිලධාරීීන් කණ්ඩායමක් කඩා පැන්නේය.

ඒ වන විටත් මෙම සාදයට පැමිණ සිටි තරුණයින් 98 දෙනෙක් සහ තරුණියන් 13 දෙනෙක් එහි රැදී සිටිමින් කමින් බොමින් විනෝද වෙමින් සිට ඇත.

පොලීසිය පවසන්නේ තමන් මෙහි කඩා පැන්නේ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද දුරකථන පණිවුඩයකට අනුව බවය. එම දුරකථන පණිවුඩයෙන් කියැවී ඇත්තේ මෙහි පැවැත්වෙන්නේ මත්ද්‍රව්‍ය සාදයක් බවය.

ඒ අනුව පොලීසිය මෙහි රැදී සිටි සෑම අයෙක්වම පරීක්ෂාවට ලක්කර තිබේ. මෙහිදී මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි 10 දෙනෙක් පොලීසියට හසුවී තිබේ. එම 10 දෙනාද සමඟ සාදය සංවිධානය කළ දෙදෙනාවද පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

පොලීසිය පවසන්නේ ඔවුන් සතුව තිබී මැන්ඩි වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 150ක්, හැන්ඩස් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 250ක්, ගංජා මිලිග්‍රෑම් 250ක්, සහ අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 210ක් තිබී හමුවූ බවය.

මෙම සැකකරුවන් අවුරුදු 21ත් 33ත් අතර වයස්වල පසුවන්නන්ය. ඔවුන් මාතර, නාරම්මල, අඹතැන්න, මුරුතලාව, උකුවෙල, ගම්පොල, නුවරඑළිය හා පේරාදෙණිය යන ප්‍රදේශවලින් පැමිණ ඇති අය බවද පොලීසිය කියයි.

මෙම පිරිස අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here