Home උණුසුම් පුවත් ශ්‍රී ලංකා-නෙදර්ලන්ත අවසන් මහා තරගය ඇරඹෙයි

ශ්‍රී ලංකා-නෙදර්ලන්ත අවසන් මහා තරගය ඇරඹෙයි

ශ්‍රී ලංකා-නෙදර්ලන්ත අවසන් මහා තරගය ඇරඹෙයි

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය මේ වනවිට සිම්බාබ්වේ හරාරේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිකර දුන්නේය.

ඒ අනුව පන්දුවට පහරදීමට පැමිණි ශ්‍රි ලංකා කණ්ඩාමේ මුල් කඩුලු දෙක අඩු ලකුණු සංඛ්‍යාවකදි දවා ගැනිමට නෙදර්ලන්ත පන්දු යවන වික්‍රමජිත් සිං සමත්විය.

වික්‍රමජිත්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පැතුම් නිශ්ශංක ලකුණු 25කට හා සධීර සමරවික්‍රම ලකුණු 19කට දැවී ගියහ. නොදැවී ක්‍රිඩා කරන කුසල් මෙන්ඩිස් ලකුණු 20ක් හා සහන් ආරච්චිගේ ලකුණු 13ක් ලබා සිටිති.

ශ්‍රී ලංකාව 75/2 (16.3)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here