Home උණුසුම් පුවත් CIDයට බයේ පේරේ සරසවි සිසුවා එල්ලී මැරෙන්න හදලා

CIDයට බයේ පේරේ සරසවි සිසුවා එල්ලී මැරෙන්න හදලා

0
CIDයට බයේ පේරේ සරසවි සිසුවා එල්ලී මැරෙන්න හදලා

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ශිෂ්‍ය නේවාසිකාගාරයේ විදුලි පංකාවේ එල්ලී ඊයේ ගෙලවැලලාගෙන සියදිවි හානිකර ගැනීමට තැත්කර ඇත.

මෙහිදී සෙසු සිසුන් විසින් ඔහුව බේරාගෙන ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුලත්කර තිබේ.

මෙම සිසුවා මඩකලපුව මන්දාර්මුර පදිංචි 25 හැවිරිදි වියේ පසුවන්නෙකි.

පේරාදෙණිය පොලීසිය විසින් රෝහලට ගොස් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කර ඇත. එහිදී එම සිසුවා පවසා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැදවීමකට අනුව පෙරේදා (07) තමා එහි ගිය බවත් එහිදී නිලධාරීන් තමාට පහරදී ජංගම දුරකථනය විමර්ශනය සඳහා භාරගත් බවය. තමාට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබා නොදෙන බවටත් ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට කටයුතුකරන බවටත් සඳහන්කරමින් නිලධාරීන් තමාට තර්ජනය කළ බවද එම සිසුවා පේරාදෙණිිය පොලීසියට පවසා ඇත. ඒ තත්ත්වය මත තමා සියදිවි හානිකරර ගැනීමට තීරණය කළ බවද සිසුවා වැඩිදුරටත් සඳහන්කර තිබේ.

මෙම සිසුවාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන්ව දැනුවත්කරන බව පේරාදෙණිය පොලීසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here