Home උණුසුම් පුවත් සති කීපයකින් ගුරු-විදුහල්පති හිඟයට විසඳුම්

සති කීපයකින් ගුරු-විදුහල්පති හිඟයට විසඳුම්

සති කීපයකින් ගුරු-විදුහල්පති හිඟයට විසඳුම්

පවතින ගුරු-විදුහල්පති හිඟයට ‍ඉදිරි සති කිහිපය තුළ දී විසඳුම් ලබාදීමට රජය සැලැසුම් කරයි.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ ගුරු මාරුවීම් සම්බන්ධයෙන් ද පළාත් මට්ටමින් සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවය.

“අපි හොඳින්ම දන්නවා ගුරු හිඟය කියන එකත් තියෙනවා. විදුහල්පති හිඟයකුත් තියෙනවා. අපිට ගුරුවරු 26,000ක් බඳවාගන්න අවශ්‍යයි. ඒ අතර දෙමළ ගුරුවරුත් ඉන්නවා. සිංහල ගුරුවරුත් ඉන්නවා.

අපි ඊළඟ සති කිහිපය තුළ අධිකරණයේ තිබෙන නඩු ටික අවසන් කරලා ගුරුවරු බඳවාගැනීමට කටයුතු කරනවා. ඉතාම කඩිනමින් පුහුණු කරලා මේ ගුරුවරු ලබාදෙන්න. අනික් පැත්තෙන් ගුරු මාරුවීම්වලදී වෘත්තීය සමිති එකක් සාකච්ඡා කරලා. ඒ පළාත්වලට ගැලපෙන පරිදි ආකාරයට සකස් කරගැනීමේ ක්‍රමවේදයකට අපි යනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here