Home උණුසුම් පුවත් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා පැහැරගෙන ලක්ෂ 96ක් කොල්ලකාලා

පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා පැහැරගෙන ලක්ෂ 96ක් කොල්ලකාලා

පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා පැහැරගෙන ලක්ෂ 96ක් කොල්ලකාලා

අගුණුකොලපැලැස්සේ පදිංචි පරිගණක ඉංජිනේරුවරයෙක්ව කොහුවලදී පැහැරගත් පිරිසක් ඔහු සතුව තිබුණු රුපියල් ලක්ෂ 96කට අධික මුදලක් කොල්ලකා තිබේ.

අවුරුදු 28ක් වයසැති මෙම පරිගණක ඉංජිනේරුවරයා සිය මිතුරෙකු සමඟ මෝටර් රථයෙන් ගමන්කරමින් සිටියදී කොහුවල දුටුගැමුණු වීදියේදී මෝටර් රථය නතරකර ඊට ගොඩවුණු තිදෙනෙක් මෙම පැහැර ගැනීමකර ඇත. නිවසකට රැගෙන ගොස් මුදල් සම්බන්ධයෙන් ප්‍රශ්නකර රුපියල් 8,700,000ක් සහ අමෙරිකානු ඩොලර් 3000ක් කොල්ලකා ඇති බව පොලීසිය කියයි.

කොල්ලකෑ මුදල්වල මුළු වටිනාකම රුපියල් 9,642,000ක් වන බව පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here