Home උණුසුම් පුවත් අද රෑ සිට කඩත් වහලා – එළියට යන්නත් බෑ

අද රෑ සිට කඩත් වහලා – එළියට යන්නත් බෑ

අද රෑ සිට කඩත් වහලා – එළියට යන්නත් බෑ

අද(13) රාත්‍රි 11 සිට සදුදා අලුයම 4 දක්වා කාලය තුළ ජනතාවට සංචරණය තහනම් මෙන්ම කඩසාප්පු විවෘත කිරීම මුළුමනින්ම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම කාලය තුළ ජනතාව නිවෙස් තුළම රැඳී සිටිය යුතු බව ඔහු පෙන්වා දෙයි.

මෙම කාලය තුළ ගමනාගමනයට අවසර ලබා දී ඇත්තේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණි.

ඊට අමතරව රෝගින්ට රෝහලක් වෙත ගමන් කිරීමට හෝ ඖෂධ මිලදී ගැනීමට ළඟම ඖෂධහලට ගමන් කිරීමට හැකියාව ලැබේ.

ඖෂධ අලෙවිසල් (ෆාමසි) සඳහා ඩිලිවරි සේවා පවත්වාගෙන යාමට අවසර ලබාදී තිබේ.

මේ දින තුන තුළ එවැනි කටයුතු හැරෙන්නට වෙනත් කිසිවකුට පිටත යාම අවසර නැති බව අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.

හැදුනුම්පත් ක්‍රමවේදය මෙම දින 3 තුළ අදාල වන්නේ නැති බවද අජිත් රෝහණ මහතා කීය.

මෙම දින තුන අවසන් වූ පසුව එනම් ලබන සදුදා සිට හැදුනුම්පත් ක්‍රමවේදය ක්‍රියාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here