තවත්
    මුල් පිටුවspecialලෝකයම එපා කියන 'පොකුරු බෝම්බ' ඇමරිකාවෙන් යුක්‍රේනයට

    ලෝකයම එපා කියන ‘පොකුරු බෝම්බ’ ඇමරිකාවෙන් යුක්‍රේනයට

    බොහෝ රටවල් විසින් මතභේදාත්මක පොකුරු බෝම්බ තහනම් කර තිබියදීත්, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් විසින් පොකුරු බෝම්බ යුක්‍රේනයට ලබාදීමට අනුමැතිය ලබා දී ඇත.

    වොෂින්ටනය සහ බටහිර සහචරයින් යුක්‍රේනයේ ප්‍රතිප්‍රහාර ඉහළ නැංවීමට ලබාදෙන යුද ආධාර පැකේජය යටතේ මෙම පොකුරු බෝම්බ ලබාදීමට තීරණය කර ඇති බව එක්සත් ජනපද නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

    එලැඹෙන සතියේ ලිතුවේනියාවේ පැවැත්වෙන නේටෝ සමුළුවට පෙර මෙම සහයෝගය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. කෙසේවෙතත් මානව හිමිකම් කණ්ඩායම් මෙන්ම වොෂින්ටනයේ සමහර ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් ද මෙම තීරණය විවේචන එල්ල වී ඇත.

    රටවල් 120ක් පමණ අත්සන් කර ඇති පොකුරු බෝම්බ භාවිතය තහනම් කිරීමේ ජාත්‍යන්තර සම්මුතියකට එක්සත් ජනපදය කිසි විටෙක සම්බන්ධ වී නොමැති අතර එම සම්මුතිය මගින් යුධෝපකරණ භාවිතය සහ වෙනත් පාර්ශයන්ට ලබාදීම සම්බන්ධයෙන් යම් යම් අභ්‍යන්තර සීමාවන් පනවා ඇත.

    කෙසේවෙතත් මීට පෙර පැවති වොෂින්ටන් පාලනය විසින් සිරියාව වැනි රටවල් පොකුරු බෝම්බ භාවිතා කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම විවේචනය කළේය.

     US-Made Cluster bomb

    පොකුරු බෝම්බ යනු වාතයේ දී වෙන්වී ගොස් පාපන්දු පිටියක ප්‍රමාණයේ ප්‍රදේශයක් පුරා කුඩා බෝම්බ විහිදුවන ආයුධය වර්ගකි. බොහෝ විට මෙම පොකුරු බෝම්බ කාලතුවක්කුවලින් වෙඩි තබන අතර ඇතැම් විට ගුවනින් ද හෙළනු ලැබේ.

    මෙලෙස විසිරී යන කුඩා බෝම්බ බිමට පතිත වීමත් සමඟ පිපිරෙන ලෙස නිර්මාණය කර ඇත.

    කෙසේවෙතත් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට අනුව මෙම බෝම්බ වලින් සියයට 10 ත් 40 ත් අතර ප්‍රතිශතයක් වන ප්‍රතිශතයක් බොහෝ විට පුපුරවා නොයන අතර ඒවා වසර ගණනාවක් සක්‍රීයව පැවතීමට හැකියාව පවතී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img