2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මෙම වසර අවසානයට පෙර පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
එමෙන්ම දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය 2024 වසරේ මුල් කාර්තුවේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද හෙතෙම කීය.
අද (07) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව කීය.
අධ්‍යන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර සමීක්ෂණයේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇත.
එය අවසන් වූ වහාම සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර සමීක්ෂණය ආරම්භ කරන බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.
සාමාන්‍ය පෙළ ඇතුළු වෙනත් විභාග අපේක්ෂකයන්ගේ තොරතුරු බාහිර පාර්ශ්වයකට ලබා දීම අත්හිටුවන ලෙස සියලුම පළාත් හා කලාප කාර්යාලවලට දැනුම් දෙන බව ද අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව වෙනත් බාහිර පාර්ශ්වයක මැදිහත්වීමක් නොමැතිව සිසුන්ට වෘත්තීය පුහුණුව ලබා දීමේ වැඩසටහන් සංවිධානය කරගැනීම අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සමග එක්ව පාසල් පද්ධතිය තුළදී ස්වාධීනව කරගත හැකි බව අමාත්‍යවරයා මෙහිදී කීය.