තෝනිගල පිහිටි හෝටලයකදී පුද්ගලයෙකුට පිහියකින් ඇන ඝාතනයකර පළාගොස් වසර 06ක් තිස්සේ සැඟවී සිටි එවකට යුධ හමුදාවේ හිටපු ලුතිනන්වරයෙකුව ආණමඩුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බුලත්සිංහලදී ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ලුතිනන්වරයා මොරගොල්ලාගම නිකවැව පදිංචිකරුවෙකි.
මෙම ඝාතනය සිදුව ඇත්තේ 2017 වසරේදී බවත් උල් පිහියකින් ඇන මෙම ඝාතනය සිදුකර ඇත්තේ අනියම් සම්බන්ධයක් මුල්කරගත් ගැටුමක ප්රතිඵලයක් ලෙස බව ආනමඩුව පොලීසිය කියයි.