Home උණුසුම් පුවත් මහනුර බාලිකාවකට හොර පාරෙන් ළමයි ගන්න සහතික දුන් ග්‍රාම නිලධාරී අත්අඩංගුවට

මහනුර බාලිකාවකට හොර පාරෙන් ළමයි ගන්න සහතික දුන් ග්‍රාම නිලධාරී අත්අඩංගුවට

0
මහනුර බාලිකාවකට හොර පාරෙන්  ළමයි ගන්න සහතික දුන් ග්‍රාම නිලධාරී අත්අඩංගුවට

මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට හොර පාරෙන් දරුවන් 29 දෙනෙක් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් සෙන්කඩගල ග්‍රාම නිලධාරීවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භකර තිබේ.

අතිරේක ලේකම්වරයා පොලීසියට පැමිණිලිකර ඇත්තේ තමාගේ නිල නාමය, තනතුර හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස සකස්කර මෙම වංචාව සිදුකර ඇති බවය.

මෙම පැමිණිල්ලට අනුව කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ මෙසේ දරුවන් ඇතුලත් කිරීමට සෙන්කඩගල ග්‍රාම නිලධාරී විසින් ව්‍යාජ තොරතුරු ඇතුලත්කර දරුවන් ඇතුලත් කිරීමට පදිංචි සහතික 09ක් නිකුත්කර ඇති බවය. ඒ අනුව 58 හැවිරිදි වැරැල්ලගම පදිංචිකරුවෙක් වන ග්‍රාම නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here