භූකම්පනයකින් විනාශයට පත් ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයේ විකිරණශීලී ජලය එළැඹෙන අගෝස්තු මාසයේදී මුහුදට මුදාහැරීමට ජපානය බලාපොරොත්තු වන බව එරට නිකේ පුවත්පත වාර්තා කරයි.
මෙලෙස මෙම විකිරණශීලී ජලය මුහුදට මුදාහැරීමට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අනුමැති හිමිව තිබේ. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සඳහන් කර සිටියේ ජලය මුදා හැරිම සඳහ වූ ජපාන සැලසුම් ගෝලීය ආරක්ෂාවට අනුකූල බව වසර දෙකක සමාලෝචනයකින් පෙන්නුම් කළ බවයි.
2011 වර්ෂයේදී ජපානයට බලපෑ දරුණු භූකම්නයෙන් ෆුකුෂිමා බලාගාරයට දැඩි හානියක් සිදුවිය. එහිදි බලපෑමට පත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සිසිල් කිරීමට ජලය විශාල වශයෙන් යොදාගත්තේය.
ජපාන රජය විසින් ඉකුත් ජනවාරි මාසයේදි ප්‍රකාශ කර සිටියේ වසන්ත සමයේ සිට ගිම්හානය තෙක් වූ කාලයේදී අදාල විකිරණශීලී ජලය සාගරයට මුදා හැරීමට සැලසුම්කර ඇති බවයි.
ජාත්‍යන්තර ජරමාණුක බලශක්ති ඒජන්සියේ අනුමත කිරීමත් සමඟ තම රට අදාල ජලය සාගරයට මුහුදා හැරීම පිළිබඳ ජාත්‍යන්තරව සහ දේශීයව පිලිගැනීමක් ලබාගැනීමට අපෙක්ෂා කරන බව ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා ප්‍රකාශ කළේය.
ජපානය විසින් තමන් මෙම විකිරණශීල ජලය පිරිපහදු කළ බවට පසුගිය කාලය පුරාවටම ප්‍රකාශ කළද මෙම ජලය මුදාහැරිමට ජපාන ධීවර සංගම් පසුගිය කාලය පුරාවටම සිය විරොධය පලකෙරිණි. එහිදී එම සංගම් පෙන්වා දී ඇත්තේ විකිරණ මගින් බලපෑමක් ඇතිවෙතැයි පවතින බියෙන් රටවල් කීපයක්ම ජපාන ධීවර නිෂ්පාදන තහනම් කිරීම මගින් සිය කීර්තිනාමයට හානි සිදුව ඇති බවයි.
මේ අතර ජපානයට ආසන්න රටවල් විශාල වශයෙන් මෙම ක්‍රියාවට සිය බලවත් අප්‍රසාදය පළකර ඇත. එහිදී චීනය මෙම ජලය මුදා හැරිමට විශාල විරෝධයක් පළකර ඇති අතර එහිදී ඇති විය හැකි පාරිසරික මෙන්ම සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන්ද චීනය දිගින් දිගටම සිය කණස්සල්ල ප්‍රකාශ කර ඇත.