Home උණුසුම් පුවත් රටේ නම 01ට ගෙනා චමරි

රටේ නම 01ට ගෙනා චමරි

රටේ නම 01ට ගෙනා චමරි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රි ලංකා නායිකා චමරි අතපත්තු සමත්වූවාය. ඒ අනුව ලොව එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත් පළමු ශ්‍රි ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාව විමේ ගෞරවය ද ඇය විසින් දිනා ගනු ලැබුවාය.

නවසීලන්තයට එරෙහිව ගාල්ලේ පැවැති පළමු එක්දින තරගයේදී ඇය නොදැවී ලකුණු 108ක් රැස්කළාය.

වර්ෂාවෙන් බාධා එල්ල වූ එම තරගයේ ලකුණු 172ක් හඹා යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇය උදව් කළාය. නවසීලන්තය ජයග්‍රහණය කිරීමට ගිය දෙවැනි තරගයේ දී දැවී යාමෙන් පසුව, ඇය පන්දු 80 කදී ලකුණු 140 ක් රැස්කරමින් සිය කණ්ඩායමට වර්ෂාවෙන් බාධා එල්ල වූ තවත් තරගයක් සහ තරගාවලියක් ජය ගැනීමට උපකාර කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here