Home උණුසුම් පුවත් අච්චුවේලී SIට පහරදුන් තවත් 3ක් කොටු – දැන් ඔක්කොම 34යි

අච්චුවේලී SIට පහරදුන් තවත් 3ක් කොටු – දැන් ඔක්කොම 34යි

අච්චුවේලී SIට පහරදුන් තවත් 3ක් කොටු –  දැන් ඔක්කොම 34යි

මුහුණු පොත ඔස්සේ තරුණියකගේ සංස්කරණය කළ නිරුවත් ඡායාරූපයක් මුදා හැරි පුද්ගලයින් දෙදෙනෙකුගේ නිවසකට ගම්වැසියන් පිරිසක් විසින් පහරදෙන විට එය මැඩලීමට පැමිණි අච්චුවේලි පොලීසියේ නිලධාරින් කණ්ඩායමක් අතර සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකුට පහරදීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙක් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

අච්චුවේලි නිර්වේලි ගම්මානයේදී පසුගිය 28 වෙනිදා සිදුවූ මෙම කලහාකාරී තත්ත්වයෙන් නිවෙස් දෙකකට හා යතුරු පැදියකටත් කුඩා ලොරි රථයකටත් පහරදී හානිකර තිබුණි.

කලහාකාරීව සිටි ජනතාව පාලනය කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ටද ගම්වැසියන් මෙහිදී විරෝධය පාන්නට වූයේ මෙම සැකකරුවන් ගැන කල් තියා පොලීසියට දැනුම් දී තිබුණත් ඔවුන්ට එරෙහිව කිසිදු පියවරක් නොගත් බව කියමිනි.

මෙහිදී කලහාකාරී පිරිස් විසින් තත්ත්වටය පාලනය කිරීමට පැමිණි උප පොලිස් පරීක්ෂකයෙකුටද පහරදී තිබුනි.

එම පහරදීම සම්බන්ධයෙන් පසුගිය 29 වෙනිදා සැකකරුවන් 06 දෙනෙක්ද සැකකාරියන් 25 දෙනෙක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය. ඔවුන්ව මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබුණි.

ඊයේ අත්අඩංගුවටගත් තිදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ඔවුන් නිර්වේලි ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here