Home උණුසුම් පුවත් ලංකාව 2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

ලංකාව 2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

ලංකාව 2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ අද (02) බුලුවායො හි පැවැති තරගය කඩුලු 9කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම 2023 ලෝක කුසලාන තරගාවලියට එක්වීමට සුදුසුකම් සපුරාගත්තේය.

ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනිමේ තරගාවලියේ සුපිරි 6 වටයේ තරගයක් ලෙස මෙම තරගය පැවතියේ සිම්බාබ්වේ බුලුවායෝ ක්‍රීඩංගණයේ දි ය.

කාසියේ වාසිය දිනූ ශ්‍රි ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට ලබා දුන්නේය. මෙහි දී පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 165කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

මහේෂ් තීක්ෂණ, ඩිල්ෂාන් මධුෂාන් සහ මතීෂ පතිරණගේ ප්‍රබල පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ කණ්ඩායාමට ලකුණු දෙසියයක සීමාවට පැමිණීමට නොහැකිවිය. සිම්බාබ්වේ කණ්ඩායමේ සැම් විලියම්ස් පන්දු පනස් හතකදි ලකුණු 56ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවාර අටයි පන්දු දෙකක දී මහේෂ් තික්ෂණ ලකුණු 25කට කඩුලු 4ක් දවාගත් අතර, ඩිල්ෂාන් මධුශංක පන්දුවාර පහකදී ලකුණු 15කට කඩුලු 3ක් හා මතීෂ පතිරණ පන්දුවාර තුනකදී ලකුණු 18කට කඩුලු 2ක් දවා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු එකසිය දෙකක දී නොදැවී ලකුණු 101 ලබා ගැනීමට පැතුම් නිශ්ශංක සමත්විය. තරගයේ වීරයා සම්මානය මහේෂ් තික්ෂණ ට හිමිවිය.

සිම්බාබ්වේ 165 ( 32.2)

ශ්‍රි ලංකාව 169/1 (33.1)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here