Home උණුසුම් පුවත් සිම්බාබ්වේ ලකුණු 165කට දැවී යයි

සිම්බාබ්වේ ලකුණු 165කට දැවී යයි

සිම්බාබ්වේ ලකුණු 165කට දැවී යයි

ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටයේ අද (02) පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 165කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

මහේෂ් තීක්ෂණ, ඩිල්ෂාන් මධුෂාන් සහ මතීෂ පතිරණගේ ප්‍රබල පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ කණ්ඩායාමට ලකුණු දෙසියයක සීමාවට පැමිණීමට නොහැකිවිය. සිම්බාබ්වේ කණ්ඩායමේ සැම් විලියම්ස් පන්දු පනස් හතකදි ලකුණු 56ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවාර අටයි පන්දු දෙකක දී මහේෂ් තික්ෂණ ලකුණු 25කට කඩුලු 4ක් දවාගත් අතර, ඩිල්ෂාන් මධුශංක පන්දුවාර පහකදී ලකුණු 15කට කඩුලු 3ක් හා මතීෂ පතිරණ පන්දුවාර තුනකදී ලකුණු 18කට කඩුලු 2ක් දවා ගත්හ.

සිම්බාබ්වේ 165 ( 32.2)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here