තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස්පති ධූරයේ අර්බුදය ඉදිරි පැය 48 ඇතුලත නිමාවන ලකුණු

    පොලිස්පති ධූරයේ අර්බුදය ඉදිරි පැය 48 ඇතුලත නිමාවන ලකුණු

    පොලිස්පතිධූරය සම්බන්ධයෙන් මේ වන විට ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය ඉදිරි පැය 48 තුළ විසදෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළේය.

    පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබාදී තිබුණු මාස 03ක සේවා දිගුව පසුගිය 25 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකා පොලීසියට පොලිස්පතිවරයෙක් මෙතෙක් පත්කර නැත. අඩුම තරමින් වැඩ බැලීමට හෝ පොලිස්පතිධූරයේ වැඩ ආවරණයටවත් නිලධාරියෙක් පත්කර නැත.

    පොලීසියේ පරිපාලන අංශ ප්‍රධානියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විසින් මේ වන විට පොලිස් පරිපාලනයට අදාල වැදගත් ලියකියවිලි සම්බන්ධයෙන් කටයුතුකරන අතර සෙසු නියෝජ්‍ය පොලිස්පතිවරු ඔවුන්ට පැවරී ඇති පරිපාලන කටයුතු කරමින් මේ වන විට පොලිස්පතිවරයෙක් නැති පොලීසිය පවත්වාගෙන යනු ඇත.

    නව පොලිස්පතිවරයෙක් නම්කරයිද එසේත් නැතිනම් හිටපු පොලිස්පතිවරයාට තවදුරටත් සේවා දිගුවක් ලබාදේවිද යන්න ගැන මේ වන විටත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඇත්තේ දැඩි කථාබහකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img