Home උණුසුම් පුවත් විජයදාස ගැසට් කරපු කැටගොඩගෙ යෝජනාව

විජයදාස ගැසට් කරපු කැටගොඩගෙ යෝජනාව

විජයදාස ගැසට් කරපු කැටගොඩගෙ යෝජනාව

මේ වනවිට විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීමට අමාත්‍යවරයාට බලතල ලැබෙන පෞද්ගලික මන්ත්‍රි යෝජනාව පනත් කෙටුම්පතක් ලෙස ගැසට් කර තිබේ.

අදාළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉදිරිපත්කර තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මන්ත්‍රිවරයා විසිනි.

මහනගර සභා ආඥා පනත, මහ නගර සභා සංශෝධන පනත හා ප්‍රදේශීය සභා පනත යන පනත්වලට ඇතුළත් වගන්ති කිහිපයක් සංශෝධනය කිරිම මෙම පනත් කෙටුම්පතින් සිදු කෙරේ.

පනත් කෙටුම්පත ගැසට් කර ඇත්තේ ජූනි 26 වැනි දිනයෙනි.

මේ අතර අධිකරණයකට විනිශ්ච අධිකරණයට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධයෙන් යෝජිත නීති ඇතුළත් නව පනත් කෙටුම්පත ද ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම පනත් කෙටුම්පත ගැසට් කර ඇත්තේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here