ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත කීපයකින් මැලේරියා රෝගීන් වාර්තා වීමත් සමඟ වසර විස්සකට පසු රෝගය පැතිරයාමේ අවදානමක් නිර්මාණය වී ඇති බවට එරට බලධාරීන් අනතුරු අඟවයි.
ඒ අනුව මේවන විට ෆ්ලෝරිඩා සහ ටෙක්සාස් යන ප්‍රාන්ත වල මැලේරියාව ආසාදනය වූ රෝගින්ගේ වාර්තා වීමක් සිදුවන බව එක්සත් ජනපද සෞඛ්‍ය බලධාරීන් අනාවරණය කරයි.
එක්සත් ජනපද සෞඛ්‍ය දත්ත අනුව මේවන විට දේශීය වශයෙන් මැලේරියාව වැළදුනු පුද්ගලයින් සිව්දෙනෙකු ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් හඳුනාගෙන ඇති අතර තවත් එක් රෝගියෙකු ටෙක්සාස් ප්‍රාන්තයෙන් හඳුනාගෙන ඇත.
ඇමරිකානු රෝග පාලන මධ්‍යස්ථානය පවසන අන්දමට ප්‍රාන්ත දෙක තුල මැලේරියාව පැතිරයාම එකි නෙකට සම්බන්ධයක් නොමැති සිදුවීම් ලෙසට සඳහන් කළ හැකි බවයි.
කෙසේ වෙතත් ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් වාර්තා වන රෝගීන් සිව් දෙනාම එකම ප්‍රදේශයකින් වාර්තා වී ඇති අතර එම ප්‍රදේශයෙන් තවත් රෝගීන් වාර්තාවන්නේ දැයි සොයා බැලිමට විශේෂ වැඩසටහනක් දියත් කිරීමටද සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.
මේ අතර ටෙක්සාස් හි බලධාරීන්ද තවත් රෝගීන් වාර්තාවන්නේ දැයි සෙයා බැලීමට දැඩි අවදානයක් යොමුකර ඇති බවද සඳහන් කරන අතර ප්‍රාන්තයේ මදුරවන්ගේ ගහනය සම්බන්ධයෙන්ද වැඩි අවදානයක් යොමු කිරීමටද පියවර ගෙන ඇත.
සාමන්‍යෙයන් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තාවන මැලේරියා රෝගීන් වෙනත් රටවල සංචාරය කර පැමිණෙන පිරිස් වන අතර ඉන් බහුතරයක් දෙනා අප්‍රිකානු කළාපයේ සංචාරය කරන පිරිස්වේ.
ලොව වැඩිම මැලේරියා රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ අප්‍රිකානු කලාපයෙන් වන අතර තවමත් එම කළාපයේ සැලකිය යුතු පිරිසක් මැලේරියාව හේතුවෙන් වාර්ෂිකව මරණයට පත්වේ.