Home උණුසුම් පුවත් අරගලය අස්සේ වෙච්ච දෙයක් ගැන ‍SDIG දේශබන්දුට ලැබුණු උසාවි නියෝගය

අරගලය අස්සේ වෙච්ච දෙයක් ගැන ‍SDIG දේශබන්දුට ලැබුණු උසාවි නියෝගය

අරගලය අස්සේ වෙච්ච දෙයක් ගැන ‍SDIG දේශබන්දුට ලැබුණු උසාවි නියෝගය

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ සිතාසිය බලරහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබේ.

ඒ ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේදී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදල් අරගලකරුවන් විසින් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවකු වශයෙන් පෙනී සිටින ලෙස දන්වා නිකුත් කරන ලද සිතාසියයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කර ඇත.

ගිය වසරේ මැයි 09 වැනිදා ගාලුමුවදොර පිටියේ පැවැත්වුණු ‘ගෝටා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස නීතිපතිවරයා විසින් නිකුත් කළ ලිපියක් ද අභියාචනාධිකරණය විසින් බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here