තවත්
    මුල් පිටුවspecialසංචරණ සීමා යටතේ කළ- නොකළ යුතු දේවල් මෙන්න ✅❎📃

    සංචරණ සීමා යටතේ කළ- නොකළ යුතු දේවල් මෙන්න ✅❎📃

    අද (12) සිට දිවයින පුරා බලපැවැත්වෙන සංචරණ සීමා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා නිවේදනය කර තිබේ.

    මෙය ඇඳිරි නීතිය නොවන බවත් සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමක් පමණක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර සිටී.

    හෙට සිට ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සියලුම ආයතන සහ ක්‍රියාකාරකම් සීමා කිරීමේ නියෝග 48ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර ඇත.

    ඒ අනුව ඔහු විසින් මීට පෙර නිකුත් කරන ලද සියලු නියෝග අවලංගු වී මෙම නියෝග ක්‍රියාත්මක වේ. එහෙත් ඔක්තෝබර් 15 වැනිදා නිරෝධායන පනත යටතේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය එලෙසම වලංගු වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

    ඒ අනුව ,

    • අද (12) රාත්‍රි 11 සිට හෙට (13) අලුයම 4 දක්වා අත්‍යවශ්‍ය සේවාවලට හැර රට පුරා සංචරණය තහනම් වේ.
    • හෙට (13) රාත්‍රී 11 සිට ලබන සදුදා (17) අලුයම 4 දක්වා දිවා රාත්‍රී දෙකෙහි දීම රට පුරාම නව සංචරණ සීමා ක්‍රියාත්මකය.
    • ලබන සඳුදායින් (17) පසුව ලබන 31 වැනිදා තෙක් සංචරණ සීමා ක්‍රියාත්මක වන්නේ සෑම දිනකම රාත්‍රි 11 සිට පසුදා අලුයම 4 තෙක් පමණි.
    • නිවසින් එළියට යන සෑම අයෙකු අතම ජාතික හැඳුනුම්පත තිබීම අනිවාර්ය වන අතර එය නොමැති නම් පමණක් විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය තමන් සතුව තිබිය යුතුය. දෙකක් එකවර භාවිතය තහනම් වේ.
    • සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයින්ට රාජකාරි සඳහා පිටත්ව ගොස් ආ හැකිය.
    • රාජකාරිය සඳහා නොයන වෙනත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා නිවසින් පිටතට යන පුද්ගලයින් ලබන සදුදා (17) අලුයම 4 සිට රාත්‍රි 11 දක්වා මැයි 31 තෙක් දිනවලදී නිවසින් පිටත යා හැක්කේ හැඳුනුම්පතේ අවසාන අංකය අනුව පමණි.
    • ඔත්තේ සහ ඉරට්ටේ ඉලක්කම් ක්‍රමය මෙහිදී භාවිතා වේ. හැදුනුම්පතේ (විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රයේ) අවසාන අංකය 0 ඇතුළු ඉරට්ටේ ඉලක්කම් ඇති පුද්ගලයින්ට නිවසින් පිටත යා හැක්කේ ඉරට්ටේ ඉලක්කමක් අගට යෙදෙන දිනවල දී පමණි.
      (උදාහරණ – 12 වැනි දිනයේ අග ඉලක්කම දෙක බැවින් ඒ ඉරට්ටේ අංකයක් නිසා හැදුනුම්පතේ අගට 0 හෝ 2,4,6,8 යන අංක ඇති අයට පමණක් නිවසින් පිටතට අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් යා හැකි ය.
      13 වැනි දිනයේ අග ඉලක්කම 3 බැවින් එය ඔත්තේ අංකයක් නිසා හැදුනුම්පතේ අග අංකය 3,5,7,9 ගෙදර පුද්ගලයන්ට එදින අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් පිටත යා හැකිය.)
    • දිවා රෑ දෙකෙහි දී ම සංචරණ සීමා පැනවෙන කාලය තුළද බස්නාහිර පළාතේ එන්නත්කරණය අඛණ්ඩව ක්‍රියාත්මක වේ. එබැවින් එන්නත් සඳහා කැඳවුම් ලබා ඇති පුද්ගලයින් ආසන්නතම එන්නත් කරන මධ්‍යස්ථානය වෙත පමණක් ගමන් කිරීමට මෙම සීමා අදාළ නොවේ.
    • රෝගියෙකුට හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත වීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා මෙම සංචරණ සීමා අදාල නොවන නමුත් රෝගියාට ආසන්නතම රෝහල වෙත ගමන් කිරීමට පමණක් ඉඩ ලබා දේ.
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img