Home උණුසුම් පුවත් කොටස් වෙළඳපොලෙත් විශේෂ නිවාඩුවක්

කොටස් වෙළඳපොලෙත් විශේෂ නිවාඩුවක්

කොටස් වෙළඳපොලෙත් විශේෂ නිවාඩුවක්

ලබන 30 වැනි දින කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) විසින් වෙළෙඳපොළ නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇත.

ඒ, එදින (30) විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙනි.

රජය 2023 ජුනි 30 වැනි දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර ඇත.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයක මේ බව ප්‍රකාශයට පත් කර ඇත.

1971 අංක 29 දරන නිවාඩු දින පනතේ 10(1) වගන්තිය යටතේ විශේෂ බැංකු නිවාඩුව ප්‍රකාශයට පත් කරන ලදී.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සඳහා අවශ්‍ය කාලය ලබා ගැනීමට 2023 ජුනි 29 සිට ජුලි 03 දක්වා දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකු (CBSL) අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here