Home උණුසුම් පුවත් අස්වැසුම පළමු වාරිකය ගැන පණිවුඩයක්

අස්වැසුම පළමු වාරිකය ගැන පණිවුඩයක්

අස්වැසුම පළමු වාරිකය ගැන පණිවුඩයක්

විරෝධතා ඉදිරිපත්ව නොමැති පවුල් සඳහා අස්වැසුම පළමු වාරිකය ජූලි මාසයේ ලබාදීමට කටයුතු කරන බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අස්වැසුම සුබසාධන වැඩසටහන යටතේ දැනට ප්‍රසිද්ධව ඇත්තේ ප්‍රතිලාභීන්ගේ අවසාන නාම ලේඛනය නොවන බව අද (24) අනුරාධපුරයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ය.

එමෙන්ම අභියාචනා සහ විරෝධතා ගොනු කිරීමට ලබා දී ඇති දින 10ක කාලයෙන් පසු සිදුකරන සොයා බැලිමෙන් අනතුරුව අවසන් නාමලේඛනය ප්‍රකාශයට පත් කරන බව ද ඔහු එහිදී කීය.

එම කාලයෙන් පසුව වුවද කිසියම් පවුල් ඒකකයක් තමාට අසාධාරණයක් සිදු වූ බවට අභියාචනා ඉදිරිපත් කළහොත් එය සලකා බැලීමට ද සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලය සූදානම් ය.

මීට අමතරව දැනට ලැබී ඇති අභියාචනා සහ විරෝධතා සලකා බැලීමට අදාළ කමිටු දැනටමත් දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් පත්කර ඇත.

දින 10 අවසන්ව ඉතා කෙටි කාලයකින් අවසන් ලේඛනය ප්‍රසිද්ධ කිරීමේ හැකියාව ද පවතී.

මේ අනුව අදාළ පුද්ගලයින් අභියාචනා ඉදිරිපත් කිරීම සහ විරෝධතා ඉදිරිපත් කිරීම මිස වෘත්තීය සමිති හෝ දේශපාලන මතවාද සමග එක්ව කටයුතු කිරීම සිදු නොකළ යුතු බව වැඩබලන මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here