තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්හිරු-සඳු පවතින තුරා කතරගම වීදිසරන මහා පෙරහැර මංගල්‍යය

    හිරු-සඳු පවතින තුරා කතරගම වීදිසරන මහා පෙරහැර මංගල්‍යය

    ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මෙවර පස්වන මඟුල් පෙරහර අද(23) දින රාත්‍රී වීදි සංචාරය කරයි.

    මෙම පස්වන මඟුල් පෙරහර රන්කොත් මාලිගාවෙන් නික්මී, පිටවීදියෙන් වල්ලි මෑණියන්ගේ දේවාලයට පැමිණ පූජා පවත්වා, නැවත මඟුල් විදීය ඔස්සේ පැමිණ, රන්කොත් මාලිගාවට ගෙවදීම සිදුවේ.

    උතුම් වූ කඳ සුරිඳුන්ගේත් වල්ලි මෑණියන් වහන්සේගේත් සරණ මංගල්‍යය සිහිකරනු වස්, දුටුගැමුණු මහරජුගේ අණින් හිරු-සඳු පවතින තුරු කඩනොකොට පවත්වන බවට දිවුරා දුන් පොරොන්දුව මත මෙම පෙරහර මංගල්‍යය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img