තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"තුන්වේල හොයාගන්න බැරි අය ගැන ආණ්ඩුව මීට වඩා සංවේදී විය යුතුයි"

    “තුන්වේල හොයාගන්න බැරි අය ගැන ආණ්ඩුව මීට වඩා සංවේදී විය යුතුයි”

    ග්‍රාමීය ආර්ථිකයෙන් හෙම්බත්වී තුන්වේල හොයාගන්න බැරි ජනතාව ගැන ආණ්ඩුව මිට වඩා සංවේදී විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    දේශපාලනික වශයෙන් විහිළුවකට හෝ විවේචනයකට නොගෙන ග්‍රාමීය ජනතාව මුහුණ දෙන සැබෑ ප්‍රශ්නවලට ආණ්ඩුව පිළිතුරු සෙවිය යුතු බව හෙතම සඳහන් කළේය.

    ගම්මාන කිහිපයක ගොවි ජනතාව, ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයින් හමුවි කළ සාකච්ඡාවකින් අනතුරුව මන්ත්‍රීවරයා අද(23) මේ බව කීය.

    “විශේෂයෙන්ම දේශීය ව්‍යවසායකයා හා ව්‍යාපාරිකයා මෙන්ම ගොවියා, ධීවරයා ආරක්ෂා කිරීම පිළිබඳව ආණ්ඩුව මීට වඩා අවධානයක් යොමු කරන්න උවමනායි.

    අයි.එම්.එෆ් හා ජාත්‍යන්තර ප්‍රශ්න ගැන ආණ්ඩුව අවධානය යොමු කරන එක ගැන මම චෝදනා කරන්නෙ නැහැ. හැබැයි අද වෙනකෛාට ගොවි ජනතාව විශාල අපහසුතාවයකට පත්වෙලා තිබෙනවා.

    පොහොර ලැබිලත් වී මිල බොහෝ තැන්වල පහත වැටිලා තියෙනවා. වී ගන්නෙ රුපියල් 60ට වගේ. ඒ වගේම බඩ ඉරිඟු සහ අනෙකුත් දේශීය නිෂ්පාදන කරන ගොවි ජනතාවත් මේ විධියටම අපහසුතාවයකට ලක්වෙලා තියෙනවා.

    සමහරටවිට අපි දකිනවා යම් මතයක් ගොඩනැගිලා තියෙනවා, පිටරටින් බඩු ගෙනල්ලා කන්න දෙනවා නම් අඩුවට දෙන්න පුළුවන් කියලා. හැබැයි රටේ එහෙම භාණ්ඩ මිල විශාල අඩුවිමක් අපි දකින්නෙ නැහැ. අනිත් පැත්තෙන් එහෙම කරනකොට දේශිය ගොවියා ආරක්ෂා වෙන්නෙත් නැහැ.

    පහුගිය කාලයේ නොයෙක් සංඛ්‍යාලේඛන අරන් බැලුවමත් ගමට ගිහිල්ලා අපි මිනිස්සුන්ට කතා කරාමත් ග්‍රාමීය ආර්ථිකයේ දැවැන්ත පීඩාවක් තිබෙන බව වැටහෙනවා. ඒ නිසා ඒ ගමේ මිනිස්සු විඳින අපහසුතා ගැන ආණ්ඩුව මීට වඩා සංවේදීවීම අනිවාර්යෙන් විය යුත්තක්” යැයි හෙතම පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. හරි හරි බල්ලෝ තොපේ තාත්තා බාප්පා මහප්පා ඇතුලු තොපි කාලකන්නි හැත්ත හොරා කෑවේ නැත්නම් මේ රට ට මෙහෙම වෙන්නේ නැහැ

    Leave a Reply to PriyanthiCancel reply

    spot_img
    spot_img