තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඕමාන් තරගයෙන් ලංකාවට කඩුලු 10ක ජයක්

    ඕමාන් තරගයෙන් ලංකාවට කඩුලු 10ක ජයක්

    ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානයට එරෙහිව අද(23) බුලුවායො හි පැවැති තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් ලැබීමට සමත්විය.

    වනිඳු හසරංගගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ලකුණු 98කට ඕමාන කණ්ඩායම සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

    ලකුණු 99ක ජයග්‍රාහි ඉලක්කය හඹා ගිය ශ්‍රි ලංකා ආරම්භක පිතිකරු යුගලය පන්දුවාර 15ක් තුළ කිසිදු කඩුල්ලක් නොදී ලකුණු 100ක් ලබාගනිමින් ජයග්‍රහණය වාර්තා කළහ.

    විශිෂ්ට පිතිහරඹයක නිරත වූ දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 61ක් සහ පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 37ක් ලබා ගත්හ. ලකුණු 13කට කඩුලු 5ක් දවාගත් වනිඳු හසරංග තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය.

    ඕමානය 98

    ශ්‍රි ලංකාව 100/0 (15)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img