fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ට්‍රැක් පැන්න යකඩ යකා

    ට්‍රැක් පැන්න යකඩ යකා

    මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමෙන් බාධා වූ දුම්රිය ධාවනය යථාතත්වයට පත් කෙරේ.

    දුම්රිය පීලිගතකරන තෙක් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාද විය.

    අනතුර වූ ස්ථානය ආසන්නයේදී බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන උඩරට මැණිකේ දුම්රියට සහ කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන පොඩි මැණිකේ දුම්රියට මගීන් මාරු කිරීමට පහසුකම් සැලසීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.