Home special මෝදි චීනයේ නම නොකියා අමෙරිකාවේදී කළ කතාව

මෝදි චීනයේ නම නොකියා අමෙරිකාවේදී කළ කතාව

මෝදි චීනයේ නම නොකියා අමෙරිකාවේදී කළ කතාව

නිල සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ව අමෙරිකාවේ දී හරසරින් පිළිගෙන තිබෙන බව බී.බී.සි පුවත්සේවය වාර්තා කර ඇත.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මෙලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගනිමින් අමෙරිකා-ඉන්දයීය මිතුදම ගැන ප්‍රශංසාත්මකව අදහස් පළ කර තිබේ.

ඒ අතර තූර්ය වාදක කණ්ඩායම් සහිත උත්කර්ෂවත් සංදර්ශනයක්, ධවල මන්දිරයේ දී නිර්මාංශ රාත්‍රී භෝජන සංග්‍රහයක් මෙන්ම වෙඩි මුර 21 ක හමුදා උත්තමාචාරයක් ද පවත්වා ඇත.

රාජ්‍ය සංචාරය අතරවාරයේ අග්‍රාමාත්‍ය මෝදි ඇමෙරිකානු කොංග්‍රසය ද ඇමතූ අතර එහිදී ඔහුට ඉහළ පිළිගැනීමක් හිමි ව තිබේ.

මෝදි අගමැති වීමට පෙර මානව හිමිකම් සම්බන්ධයෙන් ඔහුට වීසා ලබා දීම ප්‍රතික්ෂේප කළ එක්සත් ජනපදය මේ වනවිට ඔහුට තීරණාත්මක මිතුරෙකු ලෙස සළකන බව බි.බී.සි වාර්තාවේ දැක්වේ.

වොෂින්ටනය දිගු කලක් තිස්සේ ඉන්දියාවට සැලකුවේ ඉන්දු-පැසිෆික් කලාපයේ චීනයේ වැඩෙන බලපෑමට ප්‍රති තුලනයක් වෙනුවෙනි. කෙසේ වෙතත් කොන්ග්‍රසය අමතන විට අග්‍රාමාත්‍ය මෝදි "ඉන්දු-පැසිෆික් කලාපයට බලහත්කාරයෙන් සෙවනැලි විහිදුවන ගැටුමේ අඳුරු වලාකුළු" යැයි යම් සඳහනක් කළ ද චීනයේ නම සඳහන් කර නැත.

රුසියාව හෝ යුද්ධය ආරම්භ කළේ කවුරුන්දැයි නොකියූ අග්‍රාමාත්‍ය මෝදි "යුක්රේන ගැටුමත් සමඟ යුද්ධය යුරෝපයට නැවත පැමිණ තිබේ" ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here