තවත්
    මුල් පිටුවspecialබයිඩන්ගේ ඇදගෙන නෑම

    බයිඩන්ගේ ඇදගෙන නෑම

    එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බිලින්කන් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී දෙරටේ සම්බන්ධතා වර්ධනය කරගැනීමට සාකච්ඡා පවත්වා දිනක් ගතවන විටම ඇමරිකා ජනාධිති ජෝ බයිඩන් විසින් චීන ජනධිපතිවරයා ඒකාධිපතියෙකු බවට චෝදනා කර තිබේ.

    කැලිෆෝනියා හී අරමුදල් රැස් කරගැනිම සඳහා පැවති උත්සවයකට එක්වූ අවස්ථාවේදී එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් චින ජනාධිපතිවරයාට මෙම චෝදනාව කර ඇත. එමෙන්ම චිනය විසින් ඇමරිකා එක්සත් ජනපදයට එවූ බවට චෝදනා කරන ඔත්තු බැලීමේ බැලුනය බිම හෙළීමන් පසු චීන ජනාධිපතිවරයා දැඩි ලෙස අපහසුතාවයට පත්වූ බවට එක්සත් ජනපද ජනාධිතිවරයා පැවසීය.

    “චීන ජනාධිපතිවරයා මහත් කලබලයට පත්වීමට හේතුව වූයේ , ඔත්තු බැලීමේ උපකරණ පිරවූ බැලූනයට වෙඩි තැබීමත් එක්කයි, ඇත්තටම ඔහු ඒ ගැන දැන සිිටියේ නැද්ද?” යනුවෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් උත්සවය අතරතුරදී ප්‍රශ්න කර සිටියේය.

    “ඇත්තටම කුමක්ද වුනේ කියනා නොදන්නා තත්ත්වයක් ඇතිවීම ඒකාධිපතියන්ට මුහුණ දීමට සිදුවන ලොකු ලැජ්ජාවයි,” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පැවසීය.

    චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් ඇමරිකානු ජනාධිපත ජොර් බයිඩන්ගේ ප්‍රකාශය හැඳින්වූයේ “අතිශයින්ම විකාර සහ වගකීම් විරහිත” ප්‍රකාශයක් බවයි. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇය කියා සිටියේ මෙම ප්‍රකාශය රාජ්‍ය තාන්ත්‍රික ආචාර කඩ කරන “විවෘත දේශපාලන ප්‍රකෝප කිරීමක්” බවයි.

    ඇන්තනී බිලින්කන් විසින් ඉකුත් සති අන්තයේදී කල සංචාරය සුවිශේෂී සංචාරයක් වූ අතර එය වසර පහකට පසු එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයෙකු චීනයේ කළ පළමු සංචරයයි.

    පසුගිය කාලය පුරා චීනය සහ එක්සත් ජනපදය අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් පැවති අතර එය යම් ආකාරයක සමනය කිරීමට එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය සමත් විය. කෙසේවෙතත් ජනාධිපති බයිඩන්ගේ ප්‍රකාශය මෙම තත්ත්වය පළුදු කිරීමට සමත්ව තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img