චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා හමුවෙයි.
එම හමුව ඊයේ (19) පස්වරුවේ චීනයේ බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේ දී සිදුවිය.
චීන පුරවැසියන් ඇමරිකානු පුරවැසියන් සේම, ආත්ම අභිමානයෙන්, ආත්ම විශ්වාසයෙන් හා ස්වශක්තියෙන් යුතු පුරවැසියන් බවත්, සුන්දර ජීවිත ගතකිරීමේ අයිතිය ද දෙරටේම ජනතාවටම හිමි බවත් චීන ජනාධිපතිවරයා මෙහි දී කියා සිටියේය.
දෙරට අතර පවත්නා පොදු අවශ්‍යතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. දෙපාර්ශ්වයේ සෑම ජයග්‍රහණයක්ම, එකිනෙකාට අවස්ථාවක් මිස තර්ජනයක් නොවේ.
ඉතිහාසයට, ජනතාවට හා සමස්ත ලෝකයට වගකියන ආකල්පයක සිට ද්විපාර්ශ්වික සම්බන්ධතාව මනා ලෙස පාලනය කරමින්, වෙනස් වෙමින් ඉදිරියට යන ලෝකයට ස්ථාවරත්වය, නිශ්චිතභාවය සහ නිර්මාණශීලී සංවර්ධනය මුසු කිරීමට දෙරටම වෑයම් කළ යුතුය.
ඇමරිකාවේ අවශ්‍යතාවන්ට ගරු කරන චීනය, එරටට අභියෝග කිරීමට හෝ කිසිදු ආකාරයක ආදේශ කිරීම් සිදු කිරීමට කිසිවිටක උත්සාහ නොකරයි.
එලෙස ඇමරිකාව ද චීනයට ගරු කළ යුතු අතර, චීනයේ නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතාවලට හානි නොකළ යුතු බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා පැවසීය.