Home උණුසුම් පුවත් UAE තරගයේ ලංකාව ප්‍රබල තැනක

UAE තරගයේ ලංකාව ප්‍රබල තැනක

UAE තරගයේ ලංකාව ප්‍රබල තැනක

ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනිමේ තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද(19) පැවැත්වෙන එක්සත් අරාබි එමිර් තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් කඩුලු 2කට ලකුණු 228 (37) ලබා ප්‍රබල ස්ථානයක පසුවෙයි.

කාසිය වාසිය දිනු එමීර් නායකයා, පළමුව පන්දුවට පහරදීමේ වාරය ශ්‍රී ලංකාවට භාර කළේය. එම තීරණය අනුව සිම්බාබ්වේ බුලුවායෝ ක්‍රීඩා පිටියේ අනගි ප්‍රතිඵල නෙලාගත් පැතුම් නිශ්ශංක සහ දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරුවෝ ලෙස ශ්‍රි ලංකාවට අර්ධ ශතක තිලිණ කළහ.

පැතුම් නිශ්ශංක 57 ක් හා දිමුත් කරුණාරත්න 52ක් ලබා ගනිමින් ලබාදන් සාර්ථක ආරම්භය ඉදිරියට ගෙනා කුසල් මෙන්ඩිස් මේ වනවිට පන්දු පනස් හයකදී නොදැවී ලකුණු 77ක් ලබා ගෙන ක්‍රිඩා කරන අතර ඔහුට අනගි සහයක් ලබා දෙමින් සධීර සමරවික්‍රම ලකුණු 27ක් ලබා නොදැවි ක්‍රිඩා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here