Home COVID පිට රටවල සිට පැමිණෙන සැමට දින 14 ක නිරෝධායනය අනිවාර්ය කරමින් නියෝග පැනවේ

පිට රටවල සිට පැමිණෙන සැමට දින 14 ක නිරෝධායනය අනිවාර්ය කරමින් නියෝග පැනවේ

0
පිට රටවල සිට පැමිණෙන සැමට දින 14 ක නිරෝධායනය අනිවාර්ය කරමින් නියෝග පැනවේ

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන සෑම පුද්ගලයෙක්ම දින 14 ක කාලයක් අනිවාර්යෙන් නිරෝධායනය විය යුතු බවට වූ රෙගුලාසි මාලාවක්සෞ ඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් ඊයේ (11) සිය අත්සනින් නිකුත් කළේය.

ඊට අනුව විදෙස්ගතව සිටින ශ්‍රී ලංකිකයින්, ද්විත්ව පුරවැසියන්, සංචාරකයන්, රැකියාවල නිරත විදේශිකයන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩල ඇතුළු සියළු දෙනා අනිවාර්ය දින 14 ක නිරෝධායන කාලයකට යටත් වනු ඇත.

ලබන 31 වෙනිදා දක්වා බලපැවැත්වෙන ලෙස පනවා ඇති එම නියෝග මාලාවට අනුව විදේශයක සිට පැමිණෙන්නන් පී.සී.ආර්. පක්ෂාවන් දෙකකට යොමු කෙරනු ඇත. ඒ අනුව ගුවන් තොටුපොලේදී පළමු පී.සී.ආර්. පරීක්ෂාව සිදු කෙරන අතර දෙවැනි පී.සී.ආර්. පරීක්ෂාව දින 14 කට පසු සිදු කෙරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here