නැමීබියාවේ මිනිස් සහ වනජීවී ගැටුම අවම කිරීම සඳහා ටෙන්ඩර් ක්‍රියාවලියක් හරහා කිඹුලන් 40 ක් විකිණීමට ඇති බව රජය බදාදා ප්‍රකාශ කළේය.
ඒ අනුව මිනිස් ජන ජීවිතයට බලපෑමට ලක් වූ ප්‍රදේශවල සිටින කිඹුලන් සංඛ්‍යාව අඩු කිරීම මෙම තීරණයේ අරමුණ බව පරිසර, වන හා සංචාරක අමාත්‍යාංශයේ ප්‍රකාශක රෝමියෝ මියුන්ඩා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
එම නිවේදනයෙන් වන හා සංචාරක අමාත්‍යංශය සඳහන් කර සිටියේ “ බටහිර කවන්ගෝ, නැගෙනහිර කවන්ගෝ සහ සැම්බේසි හි ඊසානදිග ප්‍රදේශ වල මිනිසුන්ට සහ ඔවුන්ගේ පශු සම්පත්වලට කිඹුලන්ගේ ප්‍රහාර එල්ල වීම් සම්බන්ධයෙන් අඛණ්ඩව අත්විඳිමින් සිටියි,” යනුවෙනි.
මියුන්ඩාට අනුව, කිඹුලන් ටෙන්ඩරයක් හරහා විකුණනු ලබන අතර එහිදී උනන්දුවක් දක්වන පිරිස් විසින් එක් එක් කිඹුලාට අදාල මිල ගණන් වලට අදාල ලංසු ලිඛිතව මුද්‍රා තැබූ කවරවල බහා අමාත්‍යාංශයට ඉදිරිපත් කළ යුතුය.
“මෙම දීමනා ජූලි 17 වනදා වන විට පරිසර, වන සහ සංචාරක අමාතංශ්‍යෙය් මූලස්ථානයේ ටෙන්ඩර් පෙට්ටියේ තැන්පත් කළ යුතුය. ටෙන්ඩර් පිරිවිතර අපගේ ප්‍රාදේශීය මුද්‍රණාලයේ ප්‍රචාරය කරනු ලැබේ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර කිඹුලන් ඇල්ලීම අමාත්‍යාංශයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදු කෙරෙන අතර කිඹුලන් අල්ලා ගැනීමේ පිරිවැය ගැනුම්කරුට පැවරෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
“තවද, රෝග පරීක්‍ෂා කිරීම් මෙන්ම අවශ්‍ය ඕනෑම පසු ග්‍රහණයට ලක්වූ සත්කාර ඇතුළු සියලුම ආශ්‍රිත ක්‍රියාකාරකම් ගැනුම්කරුවන් විසින් දැරිය යුතුය. කිඹුලන් සඳහා සුදුසු වාසස්ථාන ඇති බව ගැනුම්කරුවන් ඔප්පු කළ යුතුය,” ඔහු පැවසීය.
පරිසර, වන හා සංචාරක අමාතංශය අනුව, 2019 සිට, කිඹුලන් හේතුවෙන් අහිමි වූ මිනිස් ජීවිත සහ පශු සම්පත් හානි සඳහා වන්දි සඳහා නැමීබියා ඩොලර් මිලියන 2.3 කට වඩා (එක්සත් ජනපද ඩොලර් 154,000 ක් පමණ) ප්‍රමාණය ගෙවා ඇත.