තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දෙමටගොඩ සමාගම් ලොක්කා ලෝක හොරෙක් -STF එකෙන් තමා පැහැරගත්තැයි බොරු කරලා

    දෙමටගොඩ සමාගම් ලොක්කා ලෝක හොරෙක් -STF එකෙන් තමා පැහැරගත්තැයි බොරු කරලා

    දෙමටගොඩ බේස්ලයින් මාවතේ පිහිටි පුද්ගලික මූල්‍ය ආයතනයකට භික්ෂුවක් සමඟ කඩා වැදී රහස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් එහි හිමිකරුව පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ සේවයේ නිරතව සිටින නිලධාරීන් දෙදෙනෙක් පැහැරගත්තේ යැයි කියන සිදුවීම ව්‍යාජ පැමිණිල්ලක් බව විශේෂ කාර්ය බලකාය පාර්ශවයෙන් දෙමටගොඩ පොලීසිය දැනුවත්කර ඇත.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනෙක් එම ස්ථානයට ගොස් ඇත්තේ විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ හිතවත් භික්ෂූන් වහන්සේ නමක් දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා වැඩි මෙම මූල්‍ය ආයතනයේ තැන්පත් කළ රුපියල් ලක්ෂ 60ක මුදලක් නැවත ලබාගැනීමට ගිය බැවින් උන්වහන්සේගේ සහයට බව විශේෂ කාර්ය බලකාය දෙමටගොඩ පොලීසිය දැනුවත්කර තිබේ.

    මෙම මූල්‍ය ආයතනයේ හිමිකරු වැඩි පොලියක් දෙන බව සඳහන් කරමින් විශාල වශයෙන් මුදල් රැස්කර මේ වන විට මුදල් නොදී වංචා කරමින් සිටින අයෙක් බවද හෙළිවී ඇත. සතියකට පමණ පෙරදී මෙම පුද්ගලයාව එම මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ පිරිසක් විසින් පැහැරගෙන ත්‍රීරෝද රථයකින් යමින් සිටියදී බේරාගෙන දෙමටගොඩ පොලිස් ස්ථානයට භාරදී ඇත්තේද පොලිස් විශේෂ කාර්ය බලකායේ යතුරුපැදි බලකායේ නිලධාරීන් කණ්ඩායමකි.

    භික්ෂූන් වහන්සේ මුදල් ඉල්ලා සිටියදී මුදල් නොදී ඒ වෙනුවට චෙක්පතක් ලබාදී ඇති ඔහු පසුව චෙක්පත මුදල් වන තුරු ඇපයක් වශයෙන් දේපොලක් භික්ෂූන්වහන්සේ වෙත ලබාදෙන්නම් යැයි පවසා මාලඹේ ප්‍රදේශයට ගොස් ඔහුට අයත් ගබඩාවක තිබුණු පරණ බඩු කිහිපයක් ලබාදීමට උත්සහා දරා ඇති බවද සඳහන්ය.

    කෙසේ වෙතත් පැහැර ගැනීමක් ගැන ඔහු දෙමටගොඩ පොලීසියට පැමිණිලිකර ඇත්තේ භික්ෂූන් වහන්සේට ලබාදුන් චෙක්පත අගුරුවීමත් සමඟ උන්වහන්සේ පොලීසියට ඒ ගැන පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    සබැඳි පුවත්
    භික්ෂුවක් සමඟ එක්ව STF දෙදෙනෙක් මූල්‍ය සමාගම් හිමිකරුවෙක් පැහැරගෙන

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img