තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්භික්ෂුවක් සමඟ එක්ව STF දෙදෙනෙක් මූල්‍ය සමාගම් හිමිකරුවෙක් පැහැරගෙන

    භික්ෂුවක් සමඟ එක්ව STF දෙදෙනෙක් මූල්‍ය සමාගම් හිමිකරුවෙක් පැහැරගෙන

    දෙමටගොඩ බේස්ලයින් මාවතේ පිහිටි පුද්ගලික මූල්‍ය ආයතනයකට භික්ෂුවක් සමඟ කඩා වැදී රහස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් එහි හිමිකරුව පැහැරගත් පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ සේවයේ නිරතව සිටින නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට දෙමටගොඩ පොලීසිය විමර්ශන ආරම්භකර තිබේ.

    මෙම පැහැරගැනීමට යොදාගෙන ඇත්තේද විශේෂ කාර්ය බලකායට අයත් කැබ් රථයක් බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    මෙම පැහැර ගැනීමට සම්බන්ධ භික්ෂුව මේ වන විට සිටින්නේ දෙමටගොඩ පොලිස් අත්අඩංගුවේය. මොණරාගල චන්දානන්ද නැමැති එම භික්ෂුව අත්අඩංගුවට ගෙන ඇත්තේ දොඩම්දූව පිංකන්ද කටුකොලිහ ප්‍රදේශයේ විහාරස්ථානයකදීය.

    මෙම භික්ෂුව විසින් දෙමටගොඩ පිහිටි මූල්‍ය ආයතනයේ විශාල මුදලක් ආයෝජනයකර ඇති බව සඳහන්ය. එම මුදල් ලබාගැනීමට භික්ෂුව පැමිණ ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටි විශේෂ කාර්ය බලකා නිලධාරීන් දෙදෙනා සමගිනි. ඒ ඉකුත් මැයි 11 වෙනිදාය. ගිවිසුම් ප්‍රකාකර එකවරම ඉල්ලූ හැටියට මුදල් ලබාදිය නොහැකි බව පවසමින් එහි හිමිකරු රුපියල් ලක්ෂ 46කට වැඩි වටිනාකමක් ඇති චෙක්පතක් ලබාදී ඇති බව පොලීසිය කියයි. එම අවස්ථාවේදි චෙක්පත ලබාගැනීම ප්‍රතික්ෂේපකරමින් මූල්‍ය ආයතනයේ හිමිකරුව කැබ් රථයේ දමාගෙන පැහැරගෙන ගොස් ඔහුගේ විදෙස්ගමන් බලපත්‍රයත් ඔහු පදිංචි නිවසේ ඔප්පුවත් බලහත්කාරයෙන් ලබාගෙන ඔහුව මුදාහැර ඇත. මේ ගැන එම මූල්‍ය ආයතන හිමිකරු පොලීසියට පැමිණිලිකර ඇත්තේ පසුගිය 10 වෙනිදාය. ඒ අනුව කළ විමර්ශනයේදී ඔහුව පැහැරගෙන ගොස් ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙදෙනෙක් බව අනාවරණය වී ඇත. ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බව දෙමටගොඩ පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img