තවත්
    මුල් පිටුවspecialඇමරිකන්-ජර්මන් සන්නද්ධ රථ ගොඩක් යුක්‍රේන සටනේදී විනාශයි

    ඇමරිකන්-ජර්මන් සන්නද්ධ රථ ගොඩක් යුක්‍රේන සටනේදී විනාශයි

    යුක්‍රේනය සහ රුසියාව අතර ඇතිව තිබෙන ගැටුම්වලදී පසුගිය දින කිහිපය තුළ යුක්‍රේනයට එක්සත් ජනපදය සැපයූ සන්නද්ධ රථ 16 ක් අහිමි වී ඇති බවත් ජර්මනිය විසින් සැපයූ නවීනතම ලෙපර්ඩ් යුධ ටැංකි කීපයක්ද අහිමවී ඇති බව නවතම වාර්තා අනාවරණය කරන බව සී.එන්.එන් පුවත් සේවය වාර්තා කරයි.

    එක්සත් ජනපද බ්‍රැඩ්ලි පාබල සන්නද්ධ රථ 16 මෑත දිනවල විනාශ වී හෝ හානි වී අතහැර දමා ඇති අතර වොෂින්ටනය විසින් කියෙව් වෙත සන්නද්ධ වාහන 109 ක් ලබා දී තිබිණි. ඒ අනුව මේවන වට විට එම වාහන වලිසන් සියයට 15 ක් පමණ විනාශ වී ඇති බවට අනාවරණය වන බවද වාර්තා වේ.
    මෙම බ්‍රැඩ්ලි සන්නද්ධ රථ වල භටයන් 10 ක් පමණ ගමන් කළ හැකි අතර සටනේදී අවශ්‍ය ආධාරක අවි බලය සැපයීමටද සමත්ය.

    බ්‍රැඩ්ලි සන්නද්ධ රථ 60කට වැඩි පිරිසක් පළමු කණ්ඩායම ලෙස ජනවාරි මස අවසානයේදී යුක්‍රේනයට යවන අවස්ථාවේදී විට, එක්සත් ජනපද 841 වැනි ප්‍රවාහන බලඇණියේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් රෙබෙකා ඩී ඇන්ජලෝ පැවසුවේ, සන්නාහ සන්නද්ධ වාහන යුක්‍රේන ප්‍රහාරක මෙහෙයුම් සඳහා වැදගත් වනු ඇති බවයි.

    “මෙම සන්නද්ධ රථ රුසියානුවන් සතු අවි සහ සන්නද්ධ රථවලට ගැළපෙන හෝ එම හැකියාවන් ඉක්මවා යන උපකරණ නිසාවෙන් යුධ පිටියේ ඉදිරි ප්‍රගතියටත් යුක්‍රේනයට අහිමි වූ භූමිය නැවත ලබා ගැනීමට ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කිරීමටත් සමත්වනු ඇති බව අපි බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් ලුතිනන් කර්නල් රෙබෙකා ඩී ඇන්ජලෝ පැවසුවාය.

    මේ අතර සමාජ මාධ්‍ය තුල සහ රුසියානු මාධ්‍ය මගින් ප්‍රචාරය වන වීඩියෝවන්ගෙන් සටහන් වන්නේ ජර්මනිය සැපයූ ලෙපර්ඩ් යුධ ටැංකි සාර්ථකව විනාශ කිරීමට රුසියාව සමත්ව ඇති බවයි. එහිදී ඔවුන් විසින් ඩ්‍රෝන යානා යොදා ගන්නා අවස්ථා කීපයක් වීඩියෝ දර්ශනද දැක ගැනීමට හැකියාව පවතී.

    ඒ අනුව වාර්තා වන අන්දමට යුක්‍රේන රජය විසින් ජර්මනියෙන් තවත් ලෙපර්ඩ් යුධ ටැංකි අවශ්‍ය බවට දැණුම්වත් කර ඇති බවද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    කෙසේ වෙතත් මෙම සන්නද්ධ රථ ලබා දෙන අවස්ථාවේදී බටහිර රටවල් සහ බටහිර මාධ්‍ය එය රුසියානු හමුදාවන්ගේ අවසානය බවටද සඳහන් කර තිබිණි. එසේ වුවත් මේවන විට රුසියානු හමුදා සාර්ථකව එම සන්නද්ධ රථ මැඩ පවත්වීමට සමත්ව ඇති බවට බටහිර මාධ්‍යන්ට පවා වාර්තා කිරීමට සිදුව තිබීම විශේෂත්වයකි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img